කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ජුනි තුන් වන සතියේ

0
127

NEWSNOW | –  අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින පැවැත්වීමට නියමිතය. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය විසින් නිකුත් කරන ලදී.

ඒ අනුව ජුනි 16 වන දින උදෑසන 9.30 කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වීමට නියමිතය.

නගර ශාලාවේ පැවැත්වීමට නියමිත මෙම රැස්වීමේදී, නව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්’යය ලෙස සිදුවනු ඇත.