මුදල් අමාත්‍යාංශ ලේකම්ට ආසියානු සංවර්ධන බැංකුවේ ලොකු පුටුවක්

0
19

NEWSNOW | – මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්’ධන මහතාට ආසියානු සංවර්’ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ අනුව ඔහු මෙම මස අග දී, දැනට දරන මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම ගන්නා බවත්, නව ලේකම්වරයෙකු පත් කිරීමට අවශ්‍ය බවත් ජනාධිපතිවරයා පැවසීය.

අද (02) පෙරවරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති, ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මහින්ද සිරිවර්’ධන මහතාගේ විශ්‍රාම යාම පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ “එතුමා ගැන කියන්න ඕනේ මේ කාර්යයේ දී, මම හිතන්නේ මේ මාසේ අග එතුමා, අපේ මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම යනවා. එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ. විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙක් හැටියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් නියෝජනය කරමින්, ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධූරයක් දැරීම සඳහා එතුමා මේ මාසේ අග යනවා.මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා එතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න. මේ බදු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමේ දී එතුමා විසින් සිදුකරන ලද කාර්යභාරය අපි අගයන්න ඕනේකම තිබෙනවා.”