ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීතියකින් ප්‍රතිස්ථාපනය නොකර එය අවලංගු කරන ලෙස ජාතික ශූරා සභාව ජනාධිපතිගෙන් ඉල්ලයි

0
32

NEWSNOW | –  ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) අහෝසි කිරීම සඳහා මැතිවරණ පොරොන්දුව ඉටු කරන ලෙසත්, එය නව ත්‍රස්ත විරෝධී නීතියකින් ප්‍රතිස්ථාපනය නොකර එය අවලංගු කරන ලෙසත් ජාතික ශූරා සභාව (NSC) ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටී. පාලක පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එවැනි දෙයක් සදහා කිසිදු ජනවරමක් ජනතාවගෙන් ඉල්ලා නොමැති බවද ජාතික ශූරා සභාව අවධාරණය කර ඇත.

පසුගිය වසර 25 තුළ විධායකය සහ පොලිසිය වෙත පුළුල් බලතල පවරා ඇති නව නීති දුසිමකට අධික සංඛ්‍යාවක් පනවා ඇති බව ජනාධිපති දිසානායක වෙත යැවූ ලිපියෙන් ජාතික ශූරා සභාව වැඩිදුරටත් පෙන්වා දී ඇත. ත්‍රස්තවාදය මුලිනුපුටා දමා වසර 16 යක් ගතවී ඇති බවත් අද වන විට රට තුළ ත්‍රස්තවාදයේ කිසිදු සලකුණක් නොමැති බවත් මුස්ලිම් සිවිල් සමාජය පවසා තිබේ. ජාතික ශූරා සභාව ජනාධිපතිවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.