NEWSNOW | – ශ්‍රී ලංකාවේ වාරිමාර්’ග දෙපාර්’මේන්තුවට වසර 125ක් සපිරීම නිමිත්තෙන් ඊයේ(29) දිනයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි. මේ අනුව වාරිමාර්’ග දෙපාර්’තමේන්තුවේ, පුත්තලම වාරිමාර්’ග ඉංජිනේරු කාර්’යාල පරිශ්‍රයේ විශේෂ සංවත්සර සැමරුමක් සංවිධානය කර තිබුණි.
පුත්තලම වාරිමාර්’ග ඉංජිනේරු කාර්’යාලයේ වාරිමාර්’ග අධ්‍යක්‍ෂිකා ඉංජිනේරු ඩී.එස්.එන්. ජයමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහනේදී, මුලින්ම ආගමික නායකයින්ගේ දේශන පවත්වනු ලැබීය. පුත්තලම ශාන්ත මරියා දේවස්ථානයේ දිලන්ක නිර්’මාන් මීසම් පියතුමා, හින්දූ කෝවිලේ කුරුක්කල්තුමා සහ අශ්ෂේයික් එම්.එස්.අබ්දුල් මුජීබ් මවුලවිතුමා විසින් මෙහිදී අශිර්’වාද පණිවිඩ ලබාදෙන ලදී. වසර 125ක් වැනි කාලයක් පුරා වාරිමාර්’ග දෙපාර්’තමේන්තුවෙන් මෙරටට සිදු කර ඇති දීර්’ඝ සේවාව සහ ඒ වෙනුවෙන් මේ දක්වා තම ශ්‍රමය බුද්ධිය කැප කළ පරිපාලන මණ්ඩලයේ සියළු දෙනාද ,සේවක සේවිකාවන්ද ඔවුන් විසින් සිහිපත් කරනු ලැබුවේය. ඉස්ලාම් ආගම වෙනුවෙන් මෙහිදී දේශනය පැවැත්වූ අබ්දුල් මුජීබ් මවුලවිතුමා ඉස්ලාම් ආගමික කෝණයෙන් වාරිමාර්’ග ක්ෂේත්‍රයේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කර දුන්නේය.
125 වන සංවත්සර සැමරුම වෙනුවෙන් එදිනම රාත්‍රියේ සර්’ව රාත්‍රික පිරිත් පින්කමක්ද පවත් වන ලදී. එම පිංකම පුත්තලම කල්අඩි විහාරස්ථානයේ විහාරාධිපති නවගමුවේ මේදානන්ද ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබුවේය. එම පිරිත් පිංකම සඳහා දෙපාර්’තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වූහ.
මෙම ඓතිහාසික අවස්ථාවට පුත්තලම වාරිමාර්’ග ඉංජිනේරු කාර්’යාලයේ වාරිමාර්’ග අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු ඒ. ගුණසේකර මහතා, අතිරේක වාරිමාර්’ග අධ්‍යක්ෂ ජනරාල් – ඉංජිනේරු බී.ඒ.කේ. චන්ද්‍රලතා මහත්මිය, පුත්තලම වසමේ අධ්‍යක්ෂ – ඉංජිනේරු ඩී.එස්.එන්. ජයමාන්න මහත්මිය, පුත්තලම වසමේ ප්‍රධාන ඉංජිනේරු – ඉංජිනේරු ආර්.එම්.ඒ.ආර්. බණ්ඩාර මහතා, පුත්තලම අංශය වාරිමාර්’ග ඉංජිනේරු – ඉංජිනේරු ජේ. ප්‍රශාන්ත් මහතාද සහභාගී වූහ. එසේම වාරිමාර්’ග ඉංජිනේරුවරුන් වන ඉංජිනේරු එස්.කේ.ඒ.එස්. චතුරංග, ඉංජිනේරු එම්.එන්.එන්. සුජාව්, ඉංජිනේරු ජේ.ඒ.සී.එල්. රණසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන්ද අනෙකුත් සේවක සේවිකාවන්ද සහභාගී වී එම කාර්’ය සාර්’ථකව නිම කළහ.