NEWSNOW | – වීසා නොමැතිව, නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර තිබේ.
ඔවුන් අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
වීසා නොමැතිව , කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින් , එරට විවිධ රැකියා වල නිරත වී සිටි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන සිර ගෙවල් සහ රැදවුම් මධ්‍යස්ථාන වල රදවා තබා සිටීමෙන් පසුව, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද මැදිහත් වීම මත මෙසේ ආපසු එවා තිබේ.
මෙම පිරිස කුවේට් රාජ්‍යයේ සිට සාජා නුවර වෙත රැගෙන විත් එතැන් සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී. 9 – 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්’යාංශයේ නිලධාරී විසින් ඔවුන්ට සිය ගම් – බිම් බලා යාමට අවශ්‍ය මුදල් ලබා දී පිටත් කර හැරීමට පියවර ගෙන ඇත.