මහාපරිමාණම ගංජා ජාවාරම්කරු බවට සැකකරන අයගේ වත්කම්

0
110

Diwag5  දිවයිනේ මහාපරිමාණම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ.ජයසිංහ හෙවත් ‘බතල හීන්මහත්තයා’ නමැත්තාගේ දේපොළ අද (28) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කරනු ලැබීය.

ඒවායේ වටිනාකම රුපියල් කෝටි 10ක පමණ වේ.

ඊට ඇඹිළිපිටිය මහ රෝහල ඉදිරිපිට පිහිටි ෆාමසියක් සහිත තෙමහල් ගොඩනැගිල්ලක්,චන්ද්‍රිකා වැව ඉදිරිපිට පිහිටි හෝටලයක් ඊට ඇතුළත්ය.

මෙම දේපළ අදාළ පුද්ගලයාගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති අතර ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය ප්‍රකාශ කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ.

ඒ අනුව අදාළ දේපළ දින 7ක කාලයකට තහනම් කෙරුණි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකරු හෙට (29) වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.