සෞදි අරාබියේ මත්පැන් තහනම ඉවත් කරන බවට පලවන මාධ්‍ය වාර්’තා සෞදි බලධාරීන් ප්‍රතික්‍ෂේප කරයි

0
32

NEWSNOW | – FIFA ලෝක කුසලානයට පෙර සෞදි අරාබියේ මත්පැන් තහනම ඉවත් කරන බව විදෙස් මාධ්‍ය වල පල කෙරෙන වාර්’තා සෞදි නිලධාරියෙක් ප්‍රතික්ෂේප කර තිබේ.

MIDDLE EAST EYE මාධ්‍ය පවසන්නේ 2034 ලෝක කුසලානයට සහ 2030 පෙර ගල්ෆ් රාජධානියේ මත්පැන් සඳහා දිගුකාලීන තහනමක් ඉවත් කරන බවට පළ වූ වාර්’තා සෞදි අරාබිය ප්‍රතික්ෂේප කර ඇති බවය.

සංචාරක සැකසුම් තුළ මත්පැන් අලෙවියට අවසර දීමට සෞදි බලධාරීන් සැලසුම් කරන බව ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් වාර්’තා කර තිබුණි.

සුඛෝපභෝගී හෝටල්, තරු පහේ නිවාඩු නිකේතන සහ සංචාරක සංවර්’ධන ඇතුළු බලපත්‍රලාභී ස්ථානවල වයින්, බියර් සහ සයිඩර් සඳහා වසර 73 ක් පැරණි තහනම ඉවත් කරන බව එම පුවත් වල සඳහන් විය.

නමුත් සඳුදා, සෞදි නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ එම වාර්’තා ප්‍රතික්ෂේප කරණ බවය.