මේ වසරේ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි ඉහළට

0
139

NEWSNOW| – මේ වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා වූ කාලසීමාව තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 2231ක් වාර්තා වී තිබේ.

ළමා රක්ෂණ අධිකාරිය විසින් මෙම තොරතුරු අනාවරණ කරයි.

මේ නිසා පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑම සම්බන්ධයෙන් රජයේ අවදානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ඇය පවසන්නේ තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබියයුතු බවය.

කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.