ලෝකයේ පළමු රොබෝ බොක්සිං සටන චීනයේදී

0
35

NEWSNOW | – ලෝකයේ පළමු මානවරූපී රොබෝ බොක්සිං සටන චීනයේදී පැවැත්වුණි. චීන මාධ්‍ය සමූහය විසින් එය එය සංවිධාන කර තිබිණි.

චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරන “CMG ජාත්‍යන්තර රොබෝ තරඟ මාලාවේ ” විශේෂ වැඩසටහනක් පසුගිය දා චීනයේ Hangzhou නගරයේදී අවසන් වූ අතර මෙවර මානවරූපී රොබෝවරුන්ගේ බොක්සිං සටනක් ලෙසයි එය පැවැත්විය.

මෙය මානවරූපී රොබෝවරුන් සහභාගී වන ලොව ප්‍රථම සටන් තරඟය වන අතර, එය ගෝලීය ප්‍රේක්ෂකයින් සඳහා නිර්’මාණය කරන ලද විද්‍යා ප්‍රදර්’ශන තරඟයක් ද වේ. මෙම තරඟය චීන මාධ්‍ය සමූහයේ දේශීය හා විදේශීය වේදිකා හරහා සජීවීව විකාශනය කළේය.

වට තුනකින් සමන්විත වුණ මේ තරගාවලියේදී පහරදීම්වලට අනුව ලකුණු ලබා දෙනු ලැබූ අතර අවසන් වටයේදී තීරණාත්මක දණහිස් පහරක් එල්ල කර ප්‍රතිවාදියා බිම හෙළමින් “AI Strategist” රොබෝ කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත් බව චීන අම්ධ්‍ය වාර්’තා පවසයි.

මේ බොක්සිං තරගය අති නවීන රොබෝ තාක්ෂණයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරන විශේෂ අවස්ථාවකි.