හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක රිමාන්ඩ්

0
119

NEWSNOW | – හැව්ලොක් නගරයේ මහල් නිවාස සංකීර්’ණයකින් රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු කෘෂිකර්’ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා 2025 මැයි 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්’ණයක සිටියදී හිටපු අමාත්‍යවරයා ඊයේ(23)  අත්අඩංගුවට ගන්නා ලදී.

වැල්ලවත්තේ හැව්ලොක් සිටි නිවාස සංකීර්’ණයෙන් රන් ආලේපිත ටී – 56 ප්‍රහාරක රයිෆලයක් මෑතකදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම සිද්ධියේදී අත්අඩංගුවට ගනු ලැබුවේ වයස අවුරුදු 40 සහ 68 ක් වූ කාන්තාවන් දෙදෙනෙකි. සොයා ගන්නා ලද රයිෆලය පිළිබඳ පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන අංශයට (TID) භාර දෙන ලදී.