තරුණ සමාජ පිහිටුවීම – අත්තනගල්ලට භාවිතයේ නොමැති දුරකථන අංකයක්

0
27

NEWSNOW | –  රජයේ සංකල්පයකට අනුව තරුණ සමාජ පිහිටුවීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ අද(23) ගම්පහ දිස්ත්‍රික්කයේ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන ජාතික තරුණසේවා සභාවේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය විසින් ක්‍රියාත්මක කරයි.
මේ සම්බන්ධයෙන් වන දැන්වීමක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්’තමේන්තුව විසින් නිකුත් කර ඇති අතර එහි සෑම කොට්ටාශයකම අදාළ තරුණ සේවා නිලධාරියෙකුගේ දුරකථන අංකයක් සඳහන් කර ඇත.

එම දැන්වීමේ සඳහන් අත්තනගල්ල තරුණ සේවා නිලධාරී මහතාගේ දුරකථන අංකය භාවිතයේ නොමැති දුරකථන අංකයක් බවට තරුණයින් පවසයි. බොහෝ දෙනෙක් මෙම Youth club සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට උත්සහ කළත් නොහැකි වී තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී තරුණ සේවා නිලධාරීන් භාර අධ්‍යක්‍ෂකවරයා එම නිලධාරියාගේ දුරකථන අංක 3ක් අප වෙත ලබා දුන්නේය .

අත්තනගල්ල තරුණසේවා නිලධාරී උපුල් හර්’ෂ මහතා – 0704950427, 0720908855

ක්‍රියා විරහිත කර ඇති දුරකථන අංකයක් මෙම දැන්වීමේ පල කිරීමෙන් එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් තොරතුරු ලබා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත් වූහ.