පුංචි ඡනදය දිනූ 40% කගේ නම් මෙතෙක් ලැබී නැහැ – මැතිවරණ කොමිෂන් සභාව කියයි

0
31

NEWSNOW | – පසුගිය 6 වනදා පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් අතරින් සියයට 40කගේ නම් තවමත් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව වාර්’තා වේ.

පළාත් පාලන ආයතනවල නිල කාලය ජුනි 02 වනදා ආරම්භ කිරීමට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සිදුකළ යුතු බැවින් අදාළ අපේක්ෂකයින්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස එම පාර්’ශවයන්ගෙන් ඉල්ලීමක් සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

“මෙම නම් ලබාගැනීමෙන් පසුව ගැසට් කරාට පසුව තමා පුළුවන්කම ලැබෙන්නේ, පළාත් කොමසාරිස්වරුන්ට 50% අඩුවෙන් ජයග්‍රහණය කළ පළාත් පාලනය ආයතන සඳහා සභාපති හෝ නියෝජ්‍ය සභාපති පත්කර ගැනීමට අදාළ මුලික කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ ඉන් අනතුරුව. නම් ගැසට් කිරීමෙන් සතියක් ඇතුළත දී පළාත් භාර කොමසාරිස්වරු මේ කාර්යභාරය කළ යුතු වෙනවා.”