මඩකලපුව මාර්’ගයේ දුම්රිය ධාවනය අඩාළ වෙයි

0
136

NEWSNOW | –  මීනගයා දුම්රිය අද(20) අලුයම පීලි පැනීමට ලක්ව තිබේ. ඒ හතරස් කොටුව සහ හබරණ දුම්රිය ස්ථාන අතර වල් අලියෙකු ගැටීමෙනි.

මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අඩාළ වී ඇත.

එහිදී මගීන්ට කිසිදු හානියක් සිදුව නොමැත.

පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති අතර දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.