NEWSNOW | – ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්’ට් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී අද (19) පැවැත්විණි.
ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරගෙන යන දුරදර්’ශී ආර්’ථික ක්‍රියාදාමය අගය කළ තානාපතිවරයා, ජාත්‍යන්තර කටයුතුවල දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් වැඩකිරීමට ප්‍රංශ රජය ඉතා කැමැත්තෙන් සිටින බවද දන්වා තිබේ.
මෙහිදී අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රංශ තානාපතිවරයා හමුවේ පවසා ඇත්තේ දෙරට අතර ඇති ද්විපාර්’ශවික ණය ගිවිසුම ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්’ය ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය බවය.
එහිදී දෙපාර්’ශවයටම වාසිදායක වන අයුරින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රංශ රජය කැමැත්තෙන් සිටින බවද ප්‍රංශ තානාපතිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා තිබේ.