රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට ජනපති ට්‍රම්ප් මැදිහත් වන ලකුණු

0
21

NEWSNOW| – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග හෙට(19) දිනයේ දුරකථනයෙන්  සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සිදුකළ හැක්කේ කුමන ආකාර‍යෙන් ද යන්න පිළිබඳය.

අනතුරුව යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සමග ද දුරකතනය ඔස්සේ ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව හෙට දිනය ඵලදායී දිනයක් වනු ඇති බවට අපේක්ෂා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

වසර තුනකට අධික කාලයකට පසු පළමුවරට යුක්‍රේන හා රුසියානු බලධාරීන් අතර ඍජු සාකච්ඡා පසුගිය සිකුරාදා තුර්කියේ දී පැවැත්විය.