නව පාප් වහන්සේගේ දිවුරුම්දීමේ උත්සවයට එන්න ඊශ්‍රායලය අගමැති බිය වෙයි

0
145

14 වන ලියෝ පාප් වහන්සේගේ පදවි ප්‍රාප්තිය අද(18) රෝමයේ වතිකානයේ දී පැවැත්වේ.

නව පාප් වහන්සේ දිවුරුම් දෙන අවස්ථාවට ලෝකයේ බොහෝ නායකයින් සහභාගී වීමට නියමිතය.

නමුත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කර ඇති නිසා නව පාප් වහන්සේගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.‌

XIV වන ලියෝ පාප්තුමාගේ පදවි ප්‍රාප්ති උත්සවය නැරඹීම සඳහා ඉරිදා වතිකානු නගරයේ ශාන්ත පීතර චතුරශ්‍රයට මිලියන ගණනක් ජනතාවක් එක්රැස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම උත්සවය පාප්තුමාගේ ධූර කාලය ආරම්භ කිරීම සනිටුහන් කරයි.