පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය

0
107

NEWSNOW | –   විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.ඒ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දීය.

පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය කැනේඩියානු මහ කොමසාරිස්වරයාට මෙහිදී දැනුම් දුන්නේ ය. එවැනි ක්‍රියාමාර්’ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්’ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්’ණතා ඇති කරන බව ද අමාත්‍යතුමා තවදුරටත් මහකොමසාරිස්වරයාට අවධාරණය කළේ ය.