ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර මහතා ජීවිතක්ෂයට පත් වෙයි

0
29

NEWSNOW | –  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්’යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි ඒ මහතා අද (09) උදෑසන මියගොස් තිබේ.

කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි ඒ මහතා දෙදරු පියෙකි.

තයිරොක්සීන් සම්බන්ධයෙන් සැත්කම් කිහිපයක් කර ඇති ඒ මහතා වැලිසර ළය රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇත.

වසර 15ක පමණ කාලයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්’යාලයේ සේවය කර ඇති ඒ මහතා පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට බැඳී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේවය කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දෙනු ඇත.