ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් හදිසි අනතුරකට ලක්වීම ගැන සොයන්න පරික්ෂණ කමිටුවක්

0
30

බෙල් – 212 වර්’ගයේ හෙලිකොප්ටර් යානයක් අද(09) දින උදෑසන හදිසි අනතුරකට ලක්වීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණය සිදුකිරිම සදහා 09 දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් පත් කරන්නැයි ගුවන් හමුදාපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ පිහිටි අංක 07 පියාසර බලඝණයට අයත් බෙල් – 212 වර්’ගයේ හෙලිකොප්ටර් යානයක් යුධ හමුදා විශේෂ බලකා විසිරයාමේ පෙළපාලියේ නිදර්’ශනාත්මක අභ්‍යාසයක නිරතව සිටියදි ඇතිවූ හදිසි තත්වයක් හේතුවෙන් අද(09) දින උදෑසන මාදුරුඔය ජලශයට වැටි අනතුරට ලක් විය.

මෙම හෙලිකොප්ටර් යානය පෙරවරු 06.46 පැයට හිගුරක්ගොඩ ගුවන් හමුදා මූලික කදවුරෙන් ගුවන් ගතවී මාදුරු ඔය යුධ හමුදා විශේෂ බලකා කදවුර වෙත ගොස් යුධ හමුදා විශේෂ බලකා විසිර යාමේ පෙළපාළියේ නිදර්’ශනාත්මක ඉදිරිපත් කිරිමක් සදහා යුධ හමුදා විශේෂ බලකා සාමාජිකයින්  06 දෙනෙකු රැගෙන ගුවන් ගත වී සුලු වෙලාවකට පසු  මෙම අනතුරට පත්ව ඇත.

අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා හා ගුවන් යානයේ කාර්’ය මන්ඩලය ඇතුලුව 12 දෙනෙකු ගුවන් යානයේ ගමන් කර ඇති අතර ඔවුන් සියලු දෙනාම මුදා ගැනිමෙන් අනතුරුව මූලික ප‍්‍රතිකාර සදහා අරලගන්විල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා පොලොන්නරුව මූලික රෝහල වෙත ඇතුලත් කෙරුණි.

ඉන් පසුව හෙලිකොප්ටරයේ ගමන් ගත් ගුවන් අවිකරුවන් දෙදෙනා සහ යුධ හමුදා විශේෂ බලකා සෙබලුන් හතරදෙනෙකු ඇතුලුව 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.