බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටෙයි

0
20

NEWSNOW | –  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී තිබේ.

මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් බව ගුවන් හමුදාව පවසයි.

විසිරයෑමේ පෙළපාලියක නිදර්’ශණයක් අතරතුර මෙම අනතුර සිදුවී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ එම යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු සිට තිබේ.

මේ වනවිට ඉන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ බේරාගෙන ඇති බවද ගුවන් හමුදාව පවසයි.