ලොව 267වන පාප් වහන්සේ ලෙස 14වන ලියෝ පාප් වහන්සේ නම් කෙරේ

0
24

NEWSNOW| – රෝමානු කතෝලික කාදිනල්වරුන් 133 දෙනා රහසිගත සමුළුවකදී රැස්වී නව පාප්වරයෙකු තෝරා පත් කර ගත් බවට සංඥාවක් ලෙස වතිකානුවේ සිස්ටයින් දේවස්ථානයේ මුදුනේ චිමිනියකින් සුදු දුමක් මතු වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුවය.

මේ අනුව නව පාප් වහන්සේ ලෙස ඇමෙරිකාවේ 14වන ලියෝ පාප් වහන්සේ නම් කර ඇත.

69වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267වන පාප් වහන්සේය.

එමෙන්ම උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා ද ලෙසින් ඉතිහාසයට එක්විය.

ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් 14වන ලියෝ පාප් වහන්සේ නායකත්වය දෙනු ඇත.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය.

88 හැවිරිදි වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉකුත් අප්‍රේල් 21වනදා වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ විය.