පාසල් සිසුවියක් අපහරණය කළ ගුරුවරයාට දඬුවම් ඉල්ලා කොටහේනේ විරෝධතාවක්!

0
21

NEWSNOW |  –  කොටහේන ප්‍රධාන පෙලේ පාසලක සිසුවියක් එම පාසලේ ගුරුවරයෙකු විසින් අපහරණයට ලක්කර පසුව එම සිසුවිය සියදිවි නසා ගැනීමේ සිද්ධියට යුක්තිය ඉල්ලා අද (08) උදෑසන විරෝධතාවක් පැවැත්විණි.

මෙම විරෝධතාවයට දෙමාපියන්, සිසුන් සහ සමාජ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වූ අතර, ඔවුන් ඉල්ලා සිටියේ සිසුවාට යුක්තිය ඉටු කරන ලෙසයි.

මෙම විරෝධතාවය හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල විය. මියගිය සිසුවිය පාසලේ ගුරුවරයෙකු විසින් අපයෝජනයට ලක් කර ඇති බවට තමන් සැක කරන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සිසුවිය සියදිවි නසා ගත් බවත් ඔවුන් පවසයි.

එබැවින් සිසුවාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය පවත්වා ඇත. මේ අතර, අද උදෑසන කොළඹ කොච්චිකඩේ විවේකානන්ද පාර ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් පැවැත්විණි.

කොළඹ ජනප්‍රිය පාසලක 11 ශ්‍රේණියේ සිසුවියෙකු කොටහේන ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක 7 වන මහලෙන් පැන සියදිවි නසා ගැනීමේ කණගාටු දායක සිද්ධියක් පසුගියදා වාර්’තා විය.