කාශ්මීරයට ඉන්දියාව එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය යති

0
26

NEWSNOW | – පන්ජාබ් පළාතට සහ පකිස්ථාන පරිපාලන කාශ්මීරයට ඉන්දියාව එල්ල කළ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් දුසිම් ගණනක් තුවාල ලබති.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන කිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් “අපේ අහිංසක දිවි පිදූවන්ගේ රුධිරයට අපි පළිගන්නෙමු” යැයි පවසා තිබේ.

ඉන්දීය සහ පකිස්ථාන පරිපාලන කාශ්මීරය වෙන් කරන පාලන රේඛාව ඔස්සේ දැඩි කාලතුවක්කු වෙඩි හුවමාරුවක් වාර්’තා විය.

පකිස්ථාන වෙඩි තැබීම් හේතුවෙන් ඉන්දීය පරිපාලන කාශ්මීරයේ අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දියාව කියයි.

“ඔපරේෂන් සින්දූර්” මගින් පාකිස්තාන කඳවුරු ඉලක්ක කරගත් බව ඉන්දියාව පවසයි. නමුත් මෙම මිසයිල වලින් පල්ලිවලට පහර දී සිවිල් වැසියන් මරා දැමූ බව පාකිස්තානය පවසයි.

අප්‍රේල් 22 වන දින ඉන්දීය පරිපාලන කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසු න්‍යෂ්ටික සන්නද්ධ රටවල් දෙක අතර ආතතීන් උත්සන්න වෙමින් පවතින අතර, ඉන්දියාව පකිස්ථානයට දොස් පැවරීය. පකිස්ථානය මෙම ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසමින් චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.