NEWSNOW| – අද දිනයේ පැවති 2025 පළාත් පාලන ආයතන ඡන්දය නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂිකයින් 3000ක් පැෆරල් සංවිධානය විසින් යෙදවූ බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ මැතිවරණය අවසන් වීමෙන් පසු සමස්ථ නිරීක්ෂණ කටයුතු පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමිනි.
“පැමිණිලි 111 ක් වාර්ථා වුණා.පහරදීම් සහ පිහිඇනුම් වාර්ථා වී තිබෙනවා.සමස්ථය ලෙස මැතිවරණය සාමකාමී මැතිවරණයක් ලෙස නම් කරන්න පුලුවන්.පූර්ව කාලය සහ නිහඩ කාලයත් සාධනීය තත්වයක් ලෙස දැක්කා.රාජ්‍ය දේපල සංවිධානාත්මකව භවිතා කිරීමක් දැක්කේ.සිද්ධි කිහිපයක් වාර්ථා උනා.නමුත් අවමයි.ප්‍රචණ්ඩ සිදුවීම් අඩුයි.ඡන්ද දායකයින්ට සංග්‍රහ කිරීමත් අඩුයි.මැතිවරණ සංසස්කෘතිය සාධනීය තත්වයට පත්ව තිබෙනවා.මේ මැතිවරණය ඉතිහාසයේ ගොඩක් ප්‍රමාදවූ මැතිවරණයක්.ඉතිහාසයේ වැඩිම නඩු වැටුනු මැතිවර්ණයක් ලෙසත් මෙය ඉතිහාසගත වෙනවා”.
“යම් යම් අඩුපාඩුතිබුනත් සමස්ථය සාධනීයයි.ඡන්දය භාවිතා කිරීමේ යම් අඩුවක් දකින්න ලැබෙනවා.ඒ අනුව පලාත් පාලන මැතිවරණයේ සමස්ථ චන්දය ප්‍රකාශ කිරීම 50% ඉක්මවා තිබෙනවා.
2018 ට සාපේක්ෂව මේ මැතිවරණයේ චන්දය ප්‍රකාශ කිරීම අඩුයි” .