නුපුහුණු ශ්‍රමිකයින් විදෙස් ගත කිරීමේ ජාවාරමට සම්බන්ධ නිළධාරීන් පිරිසකගේ වැඩ තහනම්

0
119

NEWSNOW| – විදේශ රැකියා සඳහා පුහුණුවක් නොමැති කාන්තාවන් විදෙස් ගත් කිරීමේ වංචාවක් පිළිබද තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් හෙළි කර ගෙන තිබේ.

එම ජාවාරම හරහා රුපියල් බිලියන 2.5ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් හය දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.