එකම වසර තුළ දී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට පෙනී සිට විශිෂ්ට ප්‍රථිපල ලබාගත් දක්‍ෂ දැරියක්

0
107

NEWSNOW | – ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය උඩු යටිකුරු කරමින් එක් දැරියක් එකම වසර තුළ දී සාමාන්‍ය පෙළ විභාගයට සහ උසස් පෙළ විභාගයට යන දෙකටම මුහුණ දී ඉහළ සාමාර්ථ සමඟින් සමත් වී තිබේ.

රනුලි කවිත්‍යා විජේසිරිවර්’ධන නම් ඇය, කොළඹ විශාඛා විද්‍යාලයෙන් 2024 මැයි 6 වන දින පැවති 2023 (2024) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නාය. එහිදී ඇය A සාමාර්ථ 8ක් සහ එක් B සාමාර්ථයක් ලබාගත්තාය.එහිදී ඇයට  එම B සාමාර්ථය ලැබී තිබුණේ ඉංග්‍රීසි සාහිත්‍යය විශයටයි.

ඉන් පසුව, 2024 නොවැම්බර් 25 දින භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දී A සාමාර්ථ 3ක් සමඟින් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ඇය ලබා ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයට අනුව උසස් පෙළ විභාගයට මුහුණ දීමට තරම් වයසට ඇය පැමිණ නොතිබූ නිසා, පෞද්ගලික අංශයෙන් විභාගයට මුහුණ දී මෙම ජයග්‍රහණය ලබාගැනීම ද විශේෂත්වයකි.

වර්’තමානයේ මෙවැනි ධෛර්’යවන්ත දරුවන් දැකගැනීමට සිටීම ද ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් සුභ ලකුණකි. ඔබේ ඉදිරි අනාගතයත් සාර්’ථක වේවායි නිව්ස්නව් අපි සුබ පතන්නෙමු!