ලියාපදිංචි නොකළ වාහන භාවිතා කළ හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකුට එරෙහිව නීතිමය පියවර

0
129

NEWSNOW | –  ලියාපදිංචි නොකළ වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකුට එරෙහිව ඉක්මනින් නීතිමය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බේරුවල පැවති මහජන රැස්වීමකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

එසේම ජනාධිපතිවරයා කියා සිටියේ නිල ආනයන තහනමක් අතරතුර මෙලෙස වාහන ආනයනය කර අනිසි ලෙස භාවිතා කිරීමට පුද්ගලයින් සම්බන්ධ වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි. නිසි ලියාපදිංචි කිරීමකින් තොරව වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් තිදෙනාට නීතිමය පියවර ගැනීමට සිදුවන බව ඔහු පැවසීය.