කරදමුංගු තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

0
138

NEWSNOW | – නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් දහසය ලක්ෂ පන් දහසක් වටිනා කරදමුංගු තොගයක් සමග ගුවන් මගියෙකු  අද (24) දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංච් 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ මෙම කරදමුංගු කිලෝ ග්‍රෑම් 107 ක ප්‍රමාණය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට මොහු අත් අඩංගුවේ තබා ගෙන, මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති.