මනම්පිටිය ප්‍රදේශයේ කිතුණු දේවස්ථානයකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට

0
140

මනම්පිටිය ආයුර්වේද පෙදෙස පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට වෙඩිතබා පලාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (18) රාත්‍රී 7ට පමණ මෙම වෙඩිතැබීම සිදු විය.

පසුව මනම්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

එමෙන්ම වෙඩිතැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 38ක් වන ප්‍රධාන පාර, මනම්පිටිය ලිපිනයේ පදිංචිකරුවෙකි.

මෙම වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුව ඇති බව පොලීසිය කියයි.

සිද්මධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි