NEWSNOW | – අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යලයේ සිදු වූ වෙඩිතැබිමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඊයේ (17) දහවල් සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
විදෙස් මාධ්‍යය සඳහන් කළේ, වෙඩික්කරුද පොලිස් වෙඩිපහරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.
වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනිඅවියද පොලීසිය විසින් සොයාගෙන ඇත. සැකකරුද එම විශ්වවිද්‍යාලයේ සිසුවෙකු බවට සැකකරන බව විදෙස් මාධ්‍ය වාර්’තා කළේය.
අදාළ සිද්ධියෙන් පසු එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමට බලධාරින් පියවරගෙන තිබේ.
වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කරන්නේ, එම විශ්වවිද්‍යාලයේම සේවය කරන පොලිස් නිලධාරිනියකගේ පුත්‍රයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
ඔහු සිය මවගේ පැරණි තුවක්කුවක් මේ සඳහා යොදාගෙන ඇත.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.