මේ දිනවල ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් දිනපතා මිනිස් ජීවිත අහිමි වෙයි.
පසුගිය දින දෙකේ ගාසා තීරයේ උතුරු ජබාලියා ප්‍රදේශයට එල්ල වූ විනාශකාරී බෝම්බ ප්‍රහාර වලින් පසුව නිවෙස් අසල පිහිටි ගස්වල මිය ගිය දරුවන්ගේ සිරුරු කැබලි දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊශ්‍රායල හමුදාව විසින් නිවෙස් මතට කෙලින්ම එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර වලින් පසුව මෙලෙස ගස් වල එල්ලෙමින් තිබූ ළමුන්ගේ ශරීර කොටස් සිවිල් ආරක්ෂක කණ්ඩායම් විසින් ඒවා එකතු කරන අයුරු මෙම වීඩියෝවේ දැක්වේ.
මෙම ඛේදජනක සිදුවීමෙන් පැහැදිලි වන්නේ ගාසාවේ වැසියන් සහ දරුවන් කෙතරම් ඛේදජනක තත්වයකට මුහුණ දෙමින් සිටිනවාද යන්නයි.
ගාසා තීරයට එල්ල වන අඛණ්ඩ ප්‍රහාරවලට එරෙහිව ලෝකයේ බොහෝ රටවල් සහ මානව හිමිකම් සංවිධාන සිය පිළිකුල ප්‍රකාශ කරයි.