අදත් වැසි සහිත කාලගුණයක්

0
122

NEWSNOW| – අද(13) දිනයේ  මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවය.

එමෙන්ම දෘෂ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේදි සූර්යයා අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවත් සඳහන් කර ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද දින (13) දහවල් 12.11ට තුනුක්කායි, ඔලුමඩු‍, ඔඩ්ඩුසුඩාන්, කුමලමුනේ සහ චෙම්මලෙයි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවය.