NEWSNOW| – අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා දෙන බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
ඒ අනුව අදාළ මුදල එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මේ වනවිටත් තැන්පත් කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ 2025 අයවැය මගින් වැඩිහිටි දීමනාව ඇතුළු වැඩිකළ දීමනා ද මෙම මාසයේ සිට ගෙවීම් ආරම්භ කරන බවය.
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබු පවුල් දාහත් ලක්ෂ 37,141ක් සඳහා රුපියල් බිලියන 12යි දශම6යි 3ක් වෙන්කර තිබේ.
එමෙන්ම එම පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් පන්ලක්ෂ 80,944ක් සඳහා රුපියල් බිලියන 2යි දශම 9ක මුදලක් ද ගිණුම් ගතකර ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.