පොලීසියට වෙනම වැටුප් ව්‍යුහයක්

0
39

NEWSNOW – පොලීසියට අදාළව වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට මේ වනවිට කටයුතු සුදානම් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්’ලි මේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (10) පාර්’ලිමේන්තුවේ දී ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැවසුවේය.

ඊට අදාළ කෙටුම්පතක් දැනටමත් වැඩබලන පොලිස්පතිවරයා විසින් සකස් කර ඇතැයි ද ආනන්ද විජේපාල මහතා පැවසීය.

මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර 2026 වසරේ දී අයවැය යෝජනාවලට අදාළ වැටුප් ව්‍යුහය ඉදිරිපත් කිරීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බව ද ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස් සේවයේ ඇති විශාල ගැටලු ප්‍රමාණයක් වි සඳාගැනීමට රජය මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.