බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

0
111

NEWSNOW| – අද(10) දිනයේ දිවයිනේ බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන් සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දකුණු,  සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් සහ අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.