පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

0
119

NEWSNOW| – 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ විමර්ශන නොමග යැවීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, 2018 වසරේ නොවැම්බර් මාසයේදී මඩකලපුව වව්නිතාවු ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණවලට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි.

එම පොලිස් කොස්තාපල්වරයා එවකට රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සිට ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් ඔහු අද කරදියනාරු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.