මහනුවර මුස්ලිම් පල්ලි සම්මේලනයෙන් පලස්තීනයට රු. මිලියන 2ක මුදල් ආධාරයක්

0
32

NEWSNOW| – මහනුවර මුස්ලිම් පල්ලි සම්මේලනයෙන් පසුගියදා මෙරට පලස්තීන  තානාපතිවරයා වෙත රුපියල් මිලියන 2ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

පසුගිය වසරේදී ද මහනුවර මුස්ලිම් පල්ලි හරහා රුපියල් මිලියන 2.5ක මුදලක් පරිත්‍යාග කර ඇත.

විදේශයන්හි පීඩාවට හා මානුෂීය අර්බුදයට මුහුණ දෙන අය සමඟ දේශීය මුස්ලිම් ප්‍රජාවගේ ගැඹුරු මුල් බැසගත් සහකම්පනය සහ එකමුතුකම මෙයින් පිළිබිඹු කරයි.

මෙම පරිත්‍යාගය පලස්තීන ජනතාවගේ නිදහස, අභිමානය සහ යුක්තිය සඳහා අඛණ්ඩ අරගල මධ්‍යයේ ඔවුන්ට සහයෝගය දැක්වීමකි.

කේ.ආර්.ඒ සිද්දික් (සභාපති), එන්.එම්.එම් මන්සූර් (ලේකම්), ඈෂ් ෂෙයික් ෆයිස් (නියෝජ්‍ය සභාපති), රීසා වහීඩ් (උප සභාපති) සහ අෂ් ෂෙයික් සැකී (සහකාර ලේකම්) ඇතුළු සම්මේලනයේ නියෝජිත පිරිසක්. ශ්‍රී ලංකාවේ පාකිස්ථානයේ ගෞරවනීය කොන්සල් අෆ්සාල් මරිකාර් මහතා විසින් කොළඹ පලස්තීන රාජ්‍යයේ තානාපතිවරයා වෙත මෙම මුදල්  පරිත්‍යාගය නිල වශයෙන් පිරිනමන ලදී.