කඳුකරයේ සුන්දර විඳින්න නම් කැලිප්සෝ දුම්රියෙන් යායුතු ඇයි?

0
116

NEWSNOW | – දුම්රිය දෙපාර්’තමේන්තුව විසින් අලුතින් නිර්’මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය අද(08) ගමන් ආරම්භ කළේය.

ඒ උදෑසන 8.10ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වාය.

නානුඔය සිට දෙමෝදර දක්වා එම දුම්රිය සෑම අඟහරුවාදා දිනකම ධාවනය කෙරේ. එම දුම්රියෙන් ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ට දුම්රිය මාර්’ගයට දිස්වෙන සුන්දර දියඇළි ඇතුළු ආකර්’ෂණිය ස්ථාන දැකබලා ගෙන ඡායාරූප ගැනීමට පහසුවන පිරිදි මෙහි දුම්රිය මැදිරි සකස්කර තිබීම විශේෂත්වයකි.

එක් මැදිරියක වහළක් නොමැතිව විවෘතව ඇත්තේද සංචාරකයින්ට ස්වභාව සුන්දරත්වය බාධාවකින් තොරව අවස්ථාව ලබාදීමටය. මෙම දුම්රියේ විශේෂ භොජනාගාරයක්ද ඇත. නානුඔය සිට දෙමෝදර දක්වා ගමන් කිරීමට මෙම දුම්රියේ එක් සංචාරකයෙකුගෙන් රු.10,000 /= මුදලක් අය කරයි.