NEWSNOW| – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
IMF සමඟ ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානයේ සිව්වන වාරිකය හා සම්බන්ධ මූලික සමාලෝචනය මත සාකච්ඡා කේන්ද්‍රගත විය.
ජාමූඅ අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ මෙතෙක් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ රටේ අනාගත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය මීළඟ පියවර ප්‍රධාන අවධානය යොමු කළ ක්ෂේත්‍රවලට ඇතුළත් විය.
මෙහිදී විශේෂයෙන් එක්සත් ජනපදය විසින් යෝජනා කරන ලද නව වෙළඳ තීරුබදු සහ ඒවා ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන්, නැගී එන ආර්ථික අභියෝග පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්හ.
IMF දූත පිරිසට නායකත්වය දුන්නේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය පන්ත් මහතා වන අතර ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් වන පීටර් බෲවර් මහතා සහ ඉවාන් පැපේජෝජියෝ මහතා ද ඇතුළත් විය.