අගමැති මෝඩිගේ සංචාරය තුළ ඉන්දීය ධීවරයින් 14කට නිදහස

0
22

NEWSNOW| –  ඉන්දීය අගමැති මෙරට  සංචාරයක නිරතව සිටි දින 03 තුළ මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබේ.

ඒ ඉන්දීය අගමැති මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවලින් පසුවය.

එහිදී ධීවරයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ සහ දිගුකාලීන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව පිළිබඳව සංචාරයෙන් පසුව අගමැති මෝදි පවසා ඇත්තේ, අපි ධීවරයින්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මෙම කාරණයේදී මානුෂීය ප්‍රවේශයකින් ඉදිරියට යා යුතු බවට අපි එකඟ වුණා. ධීවරයින්  නිදහස් කිරීම සහ ඔවුන්ගේ බෝට්ටු ආපසු ලබාදීම සම්බන්ධයෙන්ද අවධාරණය කළා.” යනුවෙනි.

වසර 2025 ආරම්භයේ සිට තමිල්නාඩු ඉන්දීය ධීවරයින් 119 දෙනෙකු සහ ධීවර බෝට්ටු 16 ක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සාකච්ඡාවලින් පසුව පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා පවසා අත්තේ, ශ්‍රී ලංකා බලධාරීන් ධීවරයින් 11 දෙනෙකු ඉක්මනින් නිදහස් කිරීමට තීරණයක් ගෙන ඇති බවත්, ඉදිරි දිනවලදී තවත් කිහිප දෙනෙකු නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි.