NEWSNOW | – ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයින් සඳහා වන ශ්‍රී ලංකාවේ ඉහළම ගෞරව සම්මානය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද(05) ප්‍රදානය කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ ජනතාව වෙත දක්වන නොමඳ සහයෝගය අගය කිරීම සඳහා මෙම සම්මානය පිරිනමා තිබේ.
අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඉන්දු ලංකා ඒකාබද්ධ ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමෙන් අනතුරුව මෙම පිළිගැන්වීම සිදු විය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඒකාබද්ධ ඉන්දු-ලංකා ව්‍යාපෘති කිහිපයක ආරම්භය සනිටුහන් කළේය.
මෙම ව්‍යාපෘති අතරට සාම්පූර් සූර්ය බලාගාරය, දඹුල්ල ප්‍රදේශයේ උෂ්ණත්වය පාලනය කරන කෘෂිකාර්මික ගබඩාවක් සහ ශ්‍රී ලංකාව පුරා පිහිටි ආගමික ආයතන 5,000ක් සඳහා සූර්ය වහල පද්ධති සැපයීම ඇතුළත් වේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2025 අප්‍රේල් 06 දක්වා තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී.