එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව රජයට නිර්’දේශ ඉදිරිපත් කිරීමට ජනපතිගෙන් කමිටුවක්

0
154

NEWSNOW | – එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය
තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර
රජයට නිර්’දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
විසින් කමිටුවක් පත් කර ඇත.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන
මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ
අමාත්‍යාංශයේ ආර්’ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද,
ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්’ථික උපදේශක දුමින්ද හුලංගමුව , ශ්‍රී ලංකා වාණිජ
මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ්
ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්’ජි යන මහත්වරුද මෙම කමිටුව සඳහා පත්
කරනු ලැබ තිබේ.