ඉදිරි දිනවල බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

0
176

NEWSNOW | – අද (01) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්’මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්’තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවඩ් කාලගුණ අංශය දැනුම් දෙයි.