22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පොලිසියේ පැහැදිලි කිරීම

0
32

NEWSNOW | –   විරෝධී ස්ටිකරයක් කුණු කූඩයක ඇලවූ තරුණයෙකු අත්අඩංගුවට ගත් බවට පසුගියදා මාධ්‍ය ඔස්සේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ,

පසුගිය 22 වනදා, කොළඹ පිහිටි සුපිරි වෙළද ම්‍යධ්‍යස්ථානයක සේවය කල වයස අවුරුදු 22 ක්වූ තරුණයකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය, ඇතැම් සමාජ මාධ්‍ය වල ඊට සබැඳි ව්‍යාජ තොරතුරු පල කර තිබූ බව  පොලීසිය කියයි.

මෙලෙස එම සමාජ මාධ්‍ය වල සංසරණය වන තොරතුරු නිවැරදි නොවන අතර එමගින් සමාජය තුල දුර්මත ප්‍රචාරණය වීම වළක්වාලීම ශ්‍රී ලංකා පොලිසිය සතු වගකීමක් බව එම නිවේදනයේ දැක්වෙයි.

මෙම විෂයගත ස්ටිකර් ඇලවීම සම්බන්ධව ලද තොරතුරක් මත, ශ්‍රී ලංකා පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර, එම විමර්ශනයේදී මෙම ක්‍රියාව සිදු කරන ලද තරුණයා සම්බන්ධව හෙළිදරව් වූ තොරතුරු අනුව, ඔහු හුදෙක්ම ස්ටිකරයක් ඇලවීමේ ක්‍රියාවෙන් ඔබ්බට වු යම් දැඩි මතධාරියෙකු බවට අනාවරණය වී තිබේ .

එසේම එම විමර්ශනයේදී අනාවරණය වූ සෙසු වැදගත් තොරතුරු වලට ද අනුව, යම් ආකාරයකින් ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට ප්‍රවේදීතාවයක් දක්වන පුද්ගලයෙකු බවට තිබූ සාධාරණ සැකය මත ඔහු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර ඇති බව එහි සඳහන් වේ.

මෙම සැකකරුගේ ක්‍රියා කලාපය සම්බන්ධව දීර්ඝ ලෙස විමර්ශන කරමින් පවතින අතර එහිදී හෙළිදරව් වූ කරුණු අනුව මොහු අන්තර්ජාලය භාවිතා කරමින් සහ වෙනත් ක්‍රමවේද උපයෝගී කර ගැනීම හේතුවෙන් යම් මානසික අභිප්‍රේරණයකට ලක්වී ඇති පුද්ගලයකු බවට නිරීක්ෂණය වි ඇති බවත්, එම මානසික තත්ත්වය මත ආගමික අන්තවාදී ක්‍රියාවක් සිදුකිරීමට ඔහුට ඇති ප්‍රවේදීතාවය පිලිබදව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරමින් පවතියි.

මෙම සැකකරු සතු පරිගණක දෘඩාංග, තොරතුරු තාක්ෂණික මෘදුකාංග සහ ජංගම දුරකථන ආශ්‍රිතව වෝහාරික විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

ඉදිරි කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශ වල විවිධ ජන කොටස් අතර තම ජාතික හා ආගමික උත්සවයන් පැවැත්වීමට නියමිතව පවතිනන අතර විශාල වශයෙන් විදෙස් සංචාරකයන් රට තුළ සංචාර සඳහා පැමිණීමට නියමිත කාල වකවානුවක ඉහත අත්අඩංගුවට ගැනීම හා සම්බන්ධව වැරදි මත සමාජ ගත කිරීම තුළින් රටේ සාමයට මෙන්ම ජාතික ආර්ථිකයට විශාල වශයෙන් බලපෑමක් එල්ල විය හැකි බැවින් දුර්මත ප්‍රචාරණයට නොරැවටී රටේ සාමය හා විවිධ ජන කොටස් අතර දැනට පවතින සංහිඳියාව ආරක්ෂා කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව පොලීසිය අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශණ විනිවිද භාවයෙන් යුක්තව සිදුකර කඩිනිමින් විමර්ශණ අවසන් කර ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බවද එහි දැක්වේ.