මියන්මාරයේ භූකම්පනයෙන් මිය ගිය ගණන 1000 ඉක්මවයි

0
23

NEWSNOW| –  මියන්මාරයට බලපෑ දැඩි භූ කම්පන තත්වයෙන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ දින ඇති වූ රික්ටර් මාපකයේ එකක් 7.7 ක භූමිකම්පාව අසල්වැසි රටවලට ද දැනුණු අතර මෙහිදී ගොඩනැගිලි රැසක් විනාශ වී ඇත.

මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සහ භූමිකම්පාවේ අපිකේන්ද්‍රයට ආසන්නතම නගරයෙන් බොහෝ මරණ සංඛ්‍යාවක් වාර්තා වේ.

මියන්මාරයේ සහ තායිලන්තයේ දිවි ගලවා ගත් අය සොයා ගලවා ගැනීමේ සේවකයින් තවමත් මෙහෙයුම් සිදු කරයි.

බැංකොක් හි නිම නොකළ උස් තට්ටුවක් කඩා වැටීමෙන් පසු එහි සිටි පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉදිකිරීම් කම්කරුවන් 100 ක් පමණ ගණන් එහි සිටි අතර ඉන් හය දෙනෙකු මිය ගිය බව පළාත් පාලන නිලධාරීන් පවසයි.

මියන්මාරයේ ජුන්ටා රජය මේ අවස්ථාවේ ජාත්‍යන්තර ආධාර සඳහා ඉල්ලීමක් කර ඇති බවද විදෙස් මාධ්‍ය වල දැක්වේ.