වෙළඳ සැලක කුණු කූඩයක ඊශ්‍රායල විරෝධී ස්ටිකරයක් ඇලවූ බවට චෝදනා කරමින් තරුණයෙකු අත්අඩංගුවට

0
122

NEWSNOW | –  මේ දිනවල ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් සිදුකරන මිනිස් සංහාරයට එරෙහිව ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කරන මුස්ලිම් ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි මෙම තරුණයා පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසිනි.

මෙම වෙළඳ සැලේ කුණු කූඩයේ මෙවැනි ස්ටිකර් දෙකක් අලවා ඇති බවට කොම්පඤ්ඤවීදිය පොලිසියට තොරතුරු ලැබී තිබේ.

පසුව සීසීටීවී ආධාරයෙන් එම ස්ටිකරය ඇලවූ පුද්ගලයා පොලිසිය හඳුනා ගෙන ඇත.

ඒ අනුව එම තරුණයා එම සේවා ස්ථානයට පැමිණෙන විට ඔහු අත්අඩංගුවට ගැනුණි.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු ත්‍රස්ත විමර්ශන අංශයට (TID) භාර දී ඇති අතර දැනට රැඳවුම් නියෝගයක් යටතේ ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා සිටී.