ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක්

0
100

NEWSNOW  | –  ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනි.

ඖෂධ නියාමන අධිකාරියට වසරකට දෙවතාවක් මෙලෙස උපරිම මිල සංශෝධනයක් සිදුකිරීමට අවසරය හිමි වේ.

ඩොලරයේ අගය උච්ඡාවචනය වුවහොත් මහජන සුබ සිද්ධිය උදෙසා ඕනෑම මොහොතක මෙම උපරිම මිල ගණන් වෙනස් කිරීමට ද ඔවුනට නීතිමය බලය හිමිව තිබේ.