කර්’මාන්ත අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පාකිස්තාන ජාතික දින උත්සවය සැමරේ

0
23

NEWSNOW  | – පකිස්තානයේ ජාතික දිනය සැමරීමේ උත්සවය පසුගිය 23 වන දින කොළඹ පකිස්තාන මහ කොමසාරිස් කාර්’යාලයේදී පැවැත්විණි.

මෙම උත්සවය පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆාහිම්-උල්-අසීස් මහතාගේ සහභාගීත්වයෙන් වැඩසටහන ආරම්භ කෙරුණේ පකිස්ථාන ජාතික ධජය ඔසවා පකිස්ථාන ජාතික ගීය ගයනා කිරීමෙනි.

ශ්‍රී ලංකාවේ පකිස්ථාන ප්‍රජාවේ සාමාජිකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම උත්සවයේදී, පකිස්ථාන ජාතික දිනය සනිටුහන් කරමින් පකිස්ථාන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ පණිවිඩ ද කියවන ලදී.

තවද, කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්’යාලය 2025 මාර්’තු 24 වන දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පාකිස්තාන ජාතික දින පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලාංකික දේශපාලන නායකයින්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්, රජයේ නියෝජිතයින්, ප්‍රමුඛ ව්‍යාපාරික පුද්ගලයින් සහ පකිස්ථාන ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම අවස්ථාවට එක්වෙමින් පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆාහිම් උල් අසීස් මහතා මෙසේ පැවසීය.

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය ගෞරවය සහ විශ්වාසය මත පදනම් වූ සමීප සබඳතා දිගටම පවත්වාගෙන යයි.

පකිස්ථාන – ශ්‍රී ලංකා සබඳතා වෙළඳාම, ආරක්ෂාව, විද්‍යාව, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරන බව සඳහන් කළ ඔහු, පකිස්ථාන රජය සහ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සුබ පැතුම් එක් කළේය.

කර්’මාන්ත අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.