ජාතික සමගිය හා සංහිඳියාව කටයුතු පිළිබඳව සඳහා ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස සර්’ව ආගමික නායකයින් පත් කෙරේ

0
36
NEWSNOW | – ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙවර සංවිධානයේ ජාතික සමගිය හා සංහිඳියාව කටයුතු පිළිබඳව සඳහා ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස සර්’ව ආගමික නායකයින් පත් කර තිබේ.
රටේ ජාතික සමගිය සහ සහජීවනය ශක්තිමත් කිරීම, සියලු ජාතීන් අතර සාමය හා සහජීවනය උදෙසා සියලු ජාතීන් නියෝජනය වන පරිදි සර්’ව ආගමික වැඩ සටහන් සංවිධානය කිරීම, ප්‍රවර්’ධනය කිරීම සදහා ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙවරයට පැවරී ඇති කාර්’ය භාර්’ය සම්බන්ධිකරණය කිරීම අරමුණු කර ගනිමින් ජාතික සමගිය හා සහජීවනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් පත් කිරීමට ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙවරයේ සභාපති ගරු ආචාර්’ය අමීර්’කාන් මහතා ඇතුලු එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨයින් පියවර ගෙන ඇත.
එම ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් සදහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීම උත්සවය ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙවරය මගින් ඊයේ (23) දින “කොළඹ මෙරෙයින් ග්‍රෑන්ඩ් උත්සව ශාලාවේ” රමලාන් විශේෂ ඉෆ්තාර් උත්සවයකදී පැවැත්වූහ. මෙම පත්වීම ලිපිය මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවු ගරු පාර්’ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිහ් මහතා විසින් එම පත්වීම ලිපිය සර්’ව ආගමික නායකයින්ට ලබාදුන්නේය.
ජාතීන් අතර සහජීවනය, වාර්’ගික සහ ආගමික සංහිඳියාව ඇති කිරීමට වසර 20කට අධික කාලයක් සැලකිල්ලෙන් සහ ආදර්’ශයෙන් කටයුතු කරන මෙම සර්’ව ආගමික නායකයින් බව සිහිපත්කරන්නෙමු.
සියලු ආගම් නියෝජිනය වන පරිදි පූජ්‍ය ශාස්ත්‍රපති ආචාර්’ය ගලගම ධම්මරංසි නායක හිමි, සිව ශ්‍රී‍ ආචාර්’ය රාමචන්ද්‍ර බාබු ශර්’මා කුරුක්කල්තුමා, අල්-හාජ් අශ්-සෙය්යිද් ආචාර්’ය හසන් මවුලානා අල්-කාදිරි පුජකතුමා සහ ආචාර්’ය නිශාන් සම්පත් කුරේ පියතුමා යන සර්’ව ආගමික නායකයින් ජාතික සමගිය හා සහජීවනය පිළිබදව ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙවරේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස පත් කර තිබේ.