ගාසා වැසියන් මුහුණ දෙන තත්ත්වය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන්

0
125

NEWSNOW| –  මේ වන විට ගාසා තීරයට ඊශ්‍රායලය විසින් දැඩි ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇතිවී තිබෙන අයහපත් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටි බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

එම තත්ත්වය තවදුරටත් තීව්‍ර කිරීමට තුඩු දෙන කිසිදු ක්‍රියාමාර්ගයකින් වළකින ලෙස සියලු පාර්ශ්වවලින් ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටී.
නුදුරේදීම එම කලාපය තුළ තිරසාර සාමයක් ස්ථාපිත වනු ඇතැයි  බලාපොරොත්තු වන බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.